6 වැනි දිනයටත් ප්‍රහාර
ඉරානය සහ ඊශ්‍රායලය අතර 6 වන දිනටත් එකිනෙකාට ප්‍රහාර එල්ල කර ගැනීම් මේ වනවිට සිදුවෙයි.
විදෙස් වාර්තා අනුව, ඉරානයට එරෙහිව සිදුකරන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරගෙන යන ලෙස ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට දන්වා ඇත.
ඊශ්‍රායල අගමැතිවරයා සමග දුරකතන සංවාදයකට එක්වෙමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
ඉරානයේ භූගත න්‍යාෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කර ගත් ඊශ්‍රායලයේ ප්‍රහාරවලට ඇමෙරිකාව සම්බන්ධ වුවහොත්, ඇමෙරිකාවට ආපසු හැරවිය නොහැකි හානියක් සිදු කරන බව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනී අනතුරු අගවා ඇත.
(අල් ජසීරා)