සෞදි කුමරු සල්මාන් ට්‍රම්ප් හමුවන්න එනවා



සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු, ලබන 18 වැනිදා වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයට පැමිණ, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවනු ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

සල්මාන් කුමරු ධවල මන්දිරයට පැමිණෙන්නේ, ‘ඒබ්‍රහම් ගිවිසුම’ සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සාකච්ඡා පැවැත්වීමටය. 

‘ඒබ්‍රහම් ගිවිසුම’ යනු ට්‍රම්ප් සිය පළමු ධුර කාලයේ, එනම් 2020 දී ඇමෙරිකන් ජනාධිපති ලෙස කටයුතු කරද්දී, ඊශ්‍රායලය සහ සෞදි අරාබිය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, බහරේනය සහ සුඩානය හවුල් කර ගනිමින් ඇති කරගත් එකඟතාවයයි.
එම එකඟතාවට අනුව, ඊශ්‍රායලය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, බහරේනය සහ සුඩානය අතරේ සුහදත්වයක් වර්ධනය විය.

ඔටුන්න හිමි සල්මාන් කුමරු සෞදියේ නිල නොවන පාලකයා ලෙස ද කටයුතු කරයි. ඒ සල්මාන් කුමරුන්ගේ පියා සල්මාන් රජු අසනීප තත්වයෙන් පසුවන බැවිනි.


RECOMMEND POSTS