වෙනත් මාර්ගයකින් ගමනාන්තයට
ටෙල් අවිව් බෙන් ගූරියන් ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්ගමන් වසාදැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි පිරිස්වලට ජෝර්දානය හා ඊජිප්තුව හරහා තම ගමනාන්ත වෙත ළං වීමට හැකි බව ඊශ්‍රායල විදේශ අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
පවතින ගැටුම්ටෙ හේතුවෙන්, අවිව් බෙන් ගූරියන් ගුවන්තොටුපොළ විවෘත කරන දිනය නිශ්චිතව පැවැසිය නොහැකි බව ද ඊශ්‍රායල විදේශ අමත්‍යාංශය පැහැදිලි කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලයට පැමිණීමට හෝ ඊශ්‍රායලයේ සිට ශ්‍රී ලංකාව බලා පිටවීමට අපේක්ෂා කරන පිරිසට එලාට් නගරය හරහා ඇති දේශසීමාවලින් කෙටිකාලින වීසා ලබාගෙන අදාළ රටවලට ඇතුළුවීමටත්, ශ්‍රී ලංකාවේ සිට අදාළ රටවල්වල කෙටිකාලින වීසා ලබාගෙන ඒ හරහා ඊශ්‍රායලයට පැමිණීමට හැකියාව ඇතැයි ද පැවැසෙයි.