නායකයා හැංගිලා ඉන්න තැන දන්නවා
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනි සිටින ස්ථානය ඇමෙරිකාව නිවැරදිව දන්නා බවත්, ඔහු පහසු ඉලක්කයක් බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ට්‍රම්ප් මෙසේ පැවසුවේ, ඉරානය කොන්දේසි විරහිතව යටත්විය යුතු බව ද පවසමිනි. ඊශ්‍රායල ඉරාන අර්බුදයේ දී ඉරානය වරදකරු බව ට්‍රම්ප් දිගින් දිගටම පවසා ඇත. ට්‍රම්ප්ගේ පමණක් නොව, බටහිර රටවල නායකයන්ගේ මතය ද එයයි.
මේ වනවිට ඊශ්‍රායලය උත්සාහ ගනිමින් සිටින්නේ අලී කමේනි ඝාතනය කිරීමටය. කෙසේ නමුත්, කමේනී ඝාතනය කිරීමෙන් වළකින්නැයි ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්, ඊශ්‍රායලයට පවසා ඇත.
ඊශ්‍රායලට පවසන්නේ, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනි ඝාතනය ඉරාන ඊශ්‍රායල අර්බුදයට විසඳුමක් නොවනු ඇති නමුත් පවතින වර්තමාන ගැටුමට පැහැදිලි විසඳුමක් වනු ඇති බවය.
ඉරාන උත්තරීතර නායකයා සැඟවී සිටින්නේ බංකරයක් තුළ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඊශ්‍රායලයේ හමුදා බුද්ධි අංශ මූලස්ථානයටත්, මොසාඩ් බුද්ධි අංශයේ මෙහෙයුම් කාර්යාලයකටත් ඉරානය පහර දුන් බව වාර්තා වේ. කෙසේ නමුත් මේ බව ඊශ්‍රායලය මෙතෙක් කිසිවක් පවසා නැත. ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ මූලස්ථානය සහ මොසාඩ් බුද්ධි අංශ මූලස්ථාන ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ මධ්‍යම ඊශ්‍රායලයේය.
(ඒ.එෆ්.පී.)