ඉරාන හමුදා බුද්ධි ලොක්කා මරා දැමේ



ඊශ්‍රායලය එල්ල කළ මිසයිල ප්‍රහාරවලින්, ඉරාන විප්ලවීය හමුදාවේ බුද්ධි අංශ ප්‍රධානියා සහ තවත් හමුදා ජනරාල්වරුන් දෙදෙනකු මියගිය බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

ඉරානය ප්‍රතිප්‍රහාර එල්ල කරද්දී, ඊශ්‍රායල හමුදා ඉරානයේ තෙහෙරාන් අගනුවර ඇතුළු තවත් නගර ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කරන බව පැවැසෙයි.

මේ වනවිට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ඉරාන වැසියන් 224 දෙනකු මියගොස් ඇති බව ඉරාන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ මියගිය ගණන 13 කි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS