ඉරාන නායකයා බංකරයක සැගවිලා
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී, මේ වනවිට, ඉරානයේ රහසිගත ස්ථානයක බංකරයක් තුළ සැඟවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඊශ්‍රායලය තවදුරටත් ඉරානයට පහර දෙමින් සිටින අතර, ඉරානය ද ඊශ්‍රායලට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව වාර්තා වේ. තමන් ප්‍රහාර නවත්වන්නේ, ඊශ්‍රායලය ප්‍රහාර නවත්වන්නේ නම් පමණක් බව ඉරානය පවසා ඇත.
ඉරාන උත්තරීතර නායකයා ඝාතනය කිරීමෙන් වළකින්නැයි ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහුට දැනුම් දී ඇතැයි ද පැවැසෙයි.
(අල් ජසීරා)