ඉරාන න්‍යෂ්ටික ඉලක්ක සියල්ල විනාශ කළේ නෑ



ඇමෙරිකාව, ඉරානයේ න්‍යෂ්ටික ඉලක්කවලට පහර දුන්නත්, එයින් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සියයට සියයක් අඩපණ වී නැතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකන් මාධ්‍ය මෙසේ වාර්තා කරන්නේ ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය නිකුත් කළ බුද්ධි වාර්තාවක් පාදක කර ගනිමිනි.

මෙම වාර්තාවේ සඳහන් වන ආකාරයට ඉකුත් සති අන්තයේ ඇමෙරිකන් හමුදා ඔවුන්ගේ බී2 බෝම්බ හෙළන ප්‍රහාරක යානා යොදා ගනිමින්, ඉරානයේ න්‍යෂ්ටික බලාගාර හා සම්බන්ධ ගබඩා හතරකට පහර දුන් නමුත්, එය ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන මුළුමන්නිම අඩපණ කිරීමට හේතුවක් නොවනු ඇති බවත්ය.

එසේ වුවත්, තම හමුදා එල්ල කළ එම ප්‍රහාරයෙන් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන වසර ගණනාවකින් ආපස්සට හැරුණු බව ද බුද්ධි වාර්තාවේ දැක්වෙයි. මෙම බුද්ධි වාර්තාව තමන් කිසිසේත් පිළිනොගන්නා බව ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS