අල් ෂරා - ට්‍රම්ප් ඓතිහාසික හමුව අද

ඇමෙරිකාවේ නිල සංචාරයක යෙදෙන ප්‍රථම සිරියානු ජනාධිපතිවරයා වෙමින් අහමඩ් අල් ෂාරා ධවල මන්දිරයේදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට නියමිතය.
අල් ෂාරා ඇමෙරිකාවට පැමිණ දිනකට පෙර ඔහුව ජාත්‍යන්තර ත්රස්තවාදීන්ගේ ලැයිස්තුවෙන් ඉවත්කිරීමටද වොෂින්ටනය කටයුතු කළේය. සිරියාව 1946 වසරේදී නිදහස ලැබීමෙන් පසුව ඇමෙරිකාවේ සංචාරය කරන ප්‍රථම සිරියානු ජනාධිපතිවරයා වන්නේද අහමඩ් අල් ෂාරාය. අල් ෂාරා සිරියාවේ අන්තර්වාර නායකයා ලෙස ප්‍රථම වතාවට පසුගිය මැයි මාසයේදී රියාද් නුවරදී ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුණ ගැසුණේය.
ට්‍රම්ප් පරිපාලනය මෙම මස මුලදී ප්‍රකාශ කර සිටියේ අල් ෂාරාගේ ඇමෙරිකානු නිල සංචාරයේදී, අයි.එස් ත්‍රස්ත සංවිධානයට එරෙහිව සටන් වැදීම සඳහා ඇමෙරිකාව ගොඩනගා ඇති සන්ධානයට එකතු වීම සඳහා වන ගිවිසුමට සිරියාව අත්සන් තබනු ඇති බවයි. එසේම ඇමෙරිකාව ඩමස්කස් නගරයේ හමුදා කඳවුරක් පිහිටවනු ඇති බවත් එමගින් සිරියාව සහ ඊශ්‍රායලය අතර ඇතිවන වර්ධනයන් මෙන්ම මානුෂීය ආධාර සම්බන්ධීකරණය සිදු කෙරෙනු ඇති බවත් පැවැසිණි.
සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම්, එරට ජනාධිපති ලෙස කටයුතු කළ බෂාර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව විරෝධය පළ කරද්දී, විපක්ෂයට සහාය දක්වමින්, සිරියානු රජයේ හමුදා සමඟ සන්නද්ධ අරගලයක නියැලුණු අල් කයිඩා ත්‍රස්ත නායකයා වූයේ අහමද් අල් ෂාරා ය.
අසාද් සිරියාවෙන් පලා යද්දී, විපක්ෂ දේශපාලන පක්ෂ බලය අල්ලා ගත් අතර, ඔවුන්ට නායකත්වය දෙමින්, අල් ෂාරා අන්තර්වාර ජනාධිපති ලෙස එම ධුරය බාර ගත්තේය. අල් ෂාරා පසුගිය දා නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ද ආමන්ත්‍රණය කළේය.
එම අවස්ථාවේදීත්, ඊට පෙර සෞදි අරාබියේදීත් අල් ෂාරා සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්විණි. එහි ප්‍රතිඵලයක් ලෙස බෂාර් අල් අසාද් පාලන සමයේ දී ඇමෙරිකාව සිරියාවට පනවා තිබුණු සම්බාධක පවා ඉවත් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් කැමැත්ත පළ කළේය. ඒ, ‘අල් ෂාරා හොඳ හාදයකු’ යැයි කියමිණි. මේ වනවිට ඉවත් කර ඇත්තේ එම සම්බාධක යැයි පැවැසෙයි.

