ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගන්න වරෙන්තු



ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ රජයේ ඉහළ නිලධාරීන් 37 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා තුර්කිය වරෙන්තු නිකුත් කර ඇත. ඒ, ජන සංහාර සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ චෝදනා යටතේ යැයි තුර්කි විදේශ අමාත්‍ය හකාන් ෆයිඩාන් පවසා ඇත.

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්, ජාතික ආරක්ෂක අමාත්‍ය ඉටමාර් බෙන් ග්වීර් සහ හමුදා ප්‍රධානී ලුතිනන් ජෙනරාල් අයල් සමීර් යන අයට ද වරෙන්තු නිකුත් කර ඇතැයි ඉස්තාන්බුල් නීතිපති කාර්යාලය ද නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

2023 ඔක්තෝබර් මාසයේ සිට ගාසා තීරයට එරෙහි යුද්ධයේ දී ඊශ්‍රායලය ජන සංහාර සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකර ඇති බවට තුර්කිය වැඩිදුරටත් චෝදනා කර ඇත.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට ජාත්‍යන්තර අපරාධ අධිකරණය ද වරෙන්තු නිකුත් කර ඇත. එම වරෙන්තු නිකුත් කිරීම සිදුවූයේ 2024 නොවැම්බර් 21 වැනිදාය. ඒ, යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ඔහු වගකිව යුතු බවට චෝදනා නගමිනි.


RECOMMEND POSTS