ඉරාන වැසියන්ට බොන්න වතුර නෑ



ඉරානය දැඩි වියළි කාලගුණයකින් බැටකයි. ඉරාන මාධ්‍ය වාර්තා කළේ එරට තෙහෙරාන් අගනුවර පමණක් නොව, සෙසු ප්‍රධාන නගරවලත්, සෙසු ප්‍රාන්තවලත් වැසියන් දැඩි පානීය ජල අර්බුදයකට මුහුණ පා සිටින බවය.

තෙහෙරාන් නගර බලධාරීන්, තෙහෙරාන් අගනුවර වැසියන්ට දන්වා ඇත්තේ ජලය අරපිරිමැස්සෙන් භාවිතයට ගන්නා ලෙසය. රට මුහුණ දී ඇති ජල අර්බුදය සම්බන්ධයෙන්, ඉරාන ජනාධිපති මෙසූඩ් පෙසෙෂ්කියන් ජනතාව ඇමතුවේය. ඒ, එලැඹෙන

දෙසැම්බර් මාසය වනවිට වර්ෂාව නොලැබුණහොත්, ජලය සලාක ක්‍රමයට ලබා දීමට සිදුවනු ඇති බවය.

දරුණු නියං කාලයකට මුහුණ දෙන ඉරානයේ උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක 50 පසු කර ඇත. මෙ7ම නොවැම්බර් මාසයේ මුල් සතිය වෙද්දී, ඉරානයට ලැබී ඇත්තේ මිලිමීටර 2.3 කට වඩා අඩු ඉතා සුළු වර්ෂාපතනයක් පමණක් යැයි කාලගුණ විද්‍යාඥයෝ පවසති. 


RECOMMEND POSTS