’සේරම්’ ආයතනය ස්පුට්නික් එන්නත් හදනවා



ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන 'සේරම්' ආයතනය, රුසියාවේ 'ස්පුට්නික් 5' එන්නත නිපදවීමට සූදානමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

'සේරම්' ආයතනය මේ සම්බන්ධයෙන්, රුසියාවේ 'ගැමලේයා' ඖෂධ නිෂ්පාදන සමාගම සහ 'රුසියානු සෘජු ආයෝජන අරමුදල' සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි ද පැවැසෙයි.

'ස්පුට්නික් 5' එන්නත නිපදවන්නේ රුසියානු රජයට අයත්  'ගැමලේයා' ඖෂධ සමාගමය. එය විදේශවලට අපනයනය සිදු කරන්නේ 'රුසියානු සෘජු ආයෝජන අරමුදල' හරහාය.

ලොව ප්‍රධාන පළේ ඖෂධ සමාගම් සමඟ එක් වී ඖෂධ නිපදවීම සිදු කරන ආයතනයක් ලෙස ඉන්දියාවේ 'සේරම්' ආයතනය සැලකෙයි. 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත 'කොවිෂීල්ඩ්' යන වෙළෙඳ නාමය ඔස්සේ නිපදවීම කරන්නේ ද මෙම ආයතනයයි.

මේ වනවිට ඉන්දියානුවන්ට ලබා දෙන තෙවැනි එන්නත වන්නේ 'ස්පුට්නික් 5' එන්නතය. ඉන්දියාව ඔවුන්ගේ එන්නත්කරණය ආරම්භ කළේ පසුගිය ජනවාරියේය.

එන්නත් ලබා දීම සහ මෙතෙක් සිදුවූයේ සෞඛ්‍ය අංශ හරහාය. එන්නත් නොමිලේ මෙන්ම අවශ්‍ය අයට මිලදී ගැනීමට ද පහසුකම් ලබා දී තිබුණි. කෙසේ නමුත්, එන්නත්කරණ වැඩසටහන මන්දගාමී වී ඇති බැවින්, එය පුළුල් කිරීමට සියලු වැඩිහිටියන්ට නොමිලේ එන්නත් ලබා දෙන බව මෝදි රජය පවසා ඇත. ඒ අනුව, ඉදිරියේ දී එන්නත්කරණ කටයුතු සිදුවනු ඇත්තේ මෝදි රජය යටතේය.

නවදිල්ලියේදීය (රොයිටර්)


RECOMMEND POSTS