නෙදන්යාහු-අයිසෙන්කොට් සාකච්ඡා අසාර්ථකයි

ඊශ්‍රායලයේ භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටින බෙන්ජමින් නෙතන්යාහුගේ පක්ෂය සහ විපක්ෂ නායක ගාඩි අයිසෙන්කොට්ගේ පක්ෂය අතර ජාතික සමගි රජයක් පිහිටුවීම සඳහා පැවති සාකච්ඡා කිසිදු එකඟතාවයකින් තොරව අවසන් වී ඇති බව ඊශ්‍රායලයේ චැනල් 12 පුවත් සේවය වාර්තා කරයි.
මාධ්‍ය වාර්තා අනුව, නෙතන්යාහුගේ 'ලිකුඩ්' පක්ෂයේ සහ අයිසෙන්කොට්ගේ 'යෂාර්' පක්ෂයේ නියෝජිතයින් හර්ස්ලියා නගරයේ හෝටලයකදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත.
කෙසේ වෙතත්, මීළඟ රජයට නායකත්වය දෙන්නේ කවුරුන්ද යන්න සහ අන්ත දක්ෂිණාංශික ජාතික ආරක්ෂක අමාත්‍ය ඉටමාර් බෙන්-ග්වීර් නව රජයට ඇතුළත් කර ගන්නේ ද යන කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර පැවති මතභේද හේතුවෙන් මෙම සාකච්ඡා අසාර්ථක වී ඇති බව චැනල් 12 පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.

