ඉරානය-පාකිස්තානය-සෞදිය-තුර්කිය සාමය වෙනුවෙන් එක්වෙයි

කලාපීය සමය සහ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, ඉරානය, පාකිස්තානය, සෞදිය සහ තුර්කිය අත්වැල් බැඳගෙන සිටී.
මෙම රටවල ඉහළ පෙළේ රාජ්ය තාන්ත්රිකයන්ගේ සහභාගීත්වයෙන් ඉරානයේ තෙහෙරාන් අගනුවරදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
එහිදී ඉරානයේ සහාය මෙන්ම අනුග්රහය ලබන, යේමනයේ හූති සටන්කාමීන් ගැන විශේෂ අවධානයක් යොමු විය. ඉරානය තරයේ පවසා ඇත්තේ මේ වනවිට හූතිවරුන් සහ සෞදිය අතර ගැටුමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, හූතිවරුන් ඔවුන්ගේ අභිමතය අනුව කටයුතු තරන බවත්ය.
හූතිවරුන් සමග සාම සාකච්ඡා පැවැත්වීම කෙරෙහි, ඉරානයේ, පාකිස්තානයේ, සෞදියේ සහ තුර්කියේ අවධානය යොමු වුණු බව ද පැවැසෙයි.

