බහරේනයේ ඇමෙරිකන් කඳවුරට ඉරානයෙන් ප්‍රහාර



බහරේනයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරක් ඉලක්ක කර ගනිමින් ඉරානය ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි. දින 3 ක් ඇතුළත ඉරානය, බහරේනයට එල්ල කළ දෙවැනි ප්‍රහාරය මෙය යැයි ද පැවැසෙයි.

ප්‍රහාරය එල්ල වූයේ බහරේනයේ අල්-රිෆා ගුවන් කඳවුරේ පිහිටි ඇමෙරිකානු ගුවන් ආරක්ෂක රේඩාර් පද්ධතිය ඉලක්ක කර ගනිමිනි. ප්‍රහාරය එල්ල කළේ තමා යැයි ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකාය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

කෙසේ නමුත්, ඉරානයෙන් ආ ඩ්‍රෝන යානා, උඩු ගුවනේදී පහර දී විනාශ කිරීමට හැකිවුණු බැවින්, තම ගුවන් ආරක්ෂක රේඩාර් පද්ධතියට කිසිදු හානියක් සිදු නොවුණු බව ඇමෙරිකන් හමුදාව පවසා ඇත.


RECOMMEND POSTS