දිගටම පහර දෙන්න හූතිලා සූදානමින්

සෞදියේ ගුවන්තොටුපොළ භාවිතා කිරීමෙන් වැළකින්නැයි යේමනයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන ෂියා මුස්ලිම් හූති සටන්කාමීන්, විදේශිකයන් ඇතුළු සියලු ගුවන් මගීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
හූති සටන්කාමීන් මෙම ඉල්ලීම කර ඇත්තේ, ඔවුන් මේවනවිට සෞදියේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉලක්ක කර ගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරීමට පටන්ගෙන ඇති බැවිනි.
පසුගිය දා සෞදියේ රියාද් ගුවන්තොටුපොළට හූති සටන්කාමීන් ප්‍රහාරයක් එල්ල කළ අතර එයින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 300 කට වැඩිය. මෙය හූති සටන්කාමීන් සෞදිය ඉලක්ක කර ගනිමින් සිදු කළ දරුණුතම ප්‍රහාරය ලෙස සැලකෙයි.
හූති සටන්කාමීන්, මීට පෙර මක්කම සහ මදීනා යන පූජනීය නගරවලට මිසයිල ප්‍රහාර එල්ල කළ නමුත්, උඩු ගුවනේ දී ඒවා පුපුරුවා හැරීමට සෞදි හමුදාව සමත් විය. හූති සටන්කාමීන් පැවැසුවේ, මක්කම සහ මදීනා නගරවල ගුවන්තොටුපොළවලට කිසිදු ආකාරයකින් ප්‍රහාර එල්ල නොකරන බවට හූති සටන්කාමීන් පොරොන්දුවක් ද දී ඇත.
මේ අතර, යුරෝපා සංගමයේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලේයන් ඇතුළු යුරෝපීය නායකයින් රැසක් ද පසුගිය දා රියාද් නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළට එල්ල වුණු හූති මිසයිල ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක තිබේ.
ඉරාන හිතවාදීන් වන හූති සටන්කාමීන්, එල්ල කරන මෙවැනි ප්‍රහාර හේතුවෙන් කලාපීය ස්ථාවරත්වයට මෙන්ම ගෝලීය ප්‍රවාහන සහ බලශක්ති සැපයුම් ජාලවලට ද දැඩි තර්ජනයක් එල්ල වන බව යුරෝපා සංගමය පෙන්වා දෙයි.

