2035 දී ගෝලීය මුස්ලිම් ජනගහනය බිලියන 2.57 දක්වා ඉහළට



වසර 2035 වෙද්දී, ක්‍රිස්තියානි ආගම අභිබවා ලොව විශාලතම ආගම බවට ඉස්ලාම් ආගම පත්වනු ඇතැයි පුරෝකථනය කරයි.

මෙම පුරෝකතනය කරනු ලැබ ඇත්තේ ‘පිව් පර්යේෂණ මධ්‍යස්ථානය’ (Pew Research Center) විසිනි. ඒ, ඔවුන්ට ලැබුණු නවතම දත්ත ඇසුරිනි.

වොෂින්ටනය කේන්ද්‍ර කරගත් මෙම පර්යේෂණ ආයතනය විසින් නිකුත් කළ වාර්තාවකට අනුව, 2020 වසරේදී බිලියන 2.02ක් වූ ගෝලීය මුස්ලිම් ජනගහනය 2035 වසර වන විට බිලියන 2.57ක් දක්වා ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

එම කාලය තුළ ගෝලීය ක්‍රිස්තියානි ජනගහනය බිලියන 2.27 සිට බිලියන 2.52ක් දක්වා වර්ධනය වනු ඇතැයි එම අධ්‍යයනය වැඩිදුරටත් පෙන්වා දෙයි.


RECOMMEND POSTS