දුර්ලභ වැලි මුවන් 60 ක් මුදාහරියි

ඕමාන පරිසර අධිකාරිය විසින් දුර්ලභ අරාබි වැලි මුවන් (sand gazelles) 60 දෙනෙකුකාන්තාර වනාන්තර ප්‍රදේශයට මුදා හැර ඇති බව වාර්තා වේ.
මෙය කලාපීය වනජීවී සංරක්ෂණයේ දැවැන්ත ජයග්‍රහණයක් සනිටුහන් කර ඇති බව ඕමාන පරිසර අධිකාරිය ප්‍රකාශ කළේ ය.
දේශීය සතුන් නැවතත් උන්ගේ ස්වාභාවික වාසස්ථාන වෙත හඳුන්වා දීම සහ ජෛව විවිධත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් “අල් රීම් 2“ප්‍රධාන ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස මෙම සතුන් මුදා හැරීම සිදු කර තිබේ.
දේශීයව 'අල් රීම්' ලෙස හඳුන්වන අරාබි වැලි මුවා, අරාබි අර්ධද්වීපයට ආවේණික තර්ජනයට ලක්වූ සත්ව විශේෂයක් වන අතර, දකුණු බහරේනය ඇතුළු ගල්ෆ් කලාපය පුරා උන්ගේ කුඩා රංචු ජීවත් වෙති.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNonlineමස්කට් නුවර)

