ට්‍රම්ප් ඉරානය එක්ක පැටලෙන්න හදයි

පැහැදිලි එකඟතාවකට පැමිණිය නොහැකි නම් ලබන වසරේ ඉරානයට එරෙහි යුද්ධය යළි ආරම්භ කිරීමට තමන් කටයුතු කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ට්‍රම්ප් මෙසේ කීවේ ඇමෙරිකන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. ඇමෙරිකන් මධ්‍යවාර මැතිවරණයෙන් ට්‍රම්ප් සහ ඔහුගේ පාලක රිපබ්ලිකන් පක්ෂයට බහුතර බලය අහිමි වුවත්, තවමත් ඇමෙරිකාව සහ ඉරානය අතරේ යුද උණුසුමක් පවතී.
මධ්‍යවාර මැතිවරණයෙන් ඇමෙරිකන් පාර්ලිමේන්තුවේ (කොංග්‍රසය) බහුතරය දිනා ගත්තේ ප්‍රතිවාදී ඩිමොක්රටික් පාක්ෂිකයන්ය. එබැවින්, ට්‍රම්ප්ට ඔහුගේ අභිමතය පරිදි තීන්දු තීරණ ගැනීමේ දී ඩිමොක්‍රටික්වරුන්ගෙන් බාධා සිදුවෙයි.
නව පාර්ලිමේන්තුවේ කටයුතු කආරම්භ වන්නේ ලබන 2027 වසරේ ජනවාරියේ සිටය. මෙවර මධ්‍යවාර මැතිවරණයෙන් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය පසුබෑමට ලක් වූයේ ද ඇමෙරිකන් වැසියන් ඇමෙරිකා-ඉරාන යුද්ධය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරන බැවිනි.
ඉරානය, හෝමූස් සමුද්‍ර සන්ධිය තවමත් වසා දමා ඇති අතර, ඉරානයට හිතවාදී රටවල නෞකාවලට පමණක් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය අවසර දී ඇත. හෝමූස් හරහා යාත්‍රාවල බටහිර වෙළෙඳ නෞකාවලට ප්‍රහාර එල්ල වන බව ද වාර්තා වේ.
පවතින අර්බුදය අවසන් කිරීමට ඉරානය යෝජනා ඉදිරිපත් කර ඇති අතර, එම යෝජනා සහ කොන්දේසි ට්‍රම්ප් පරිපාලනය ප්‍රතික්ෂේප කර ඇත. ට්‍රම්ප් ඉදිරිපත් කළ සාම යෝජනා ඉරානය විසින් තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.
මේ අතර, හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමෙරිකන් හමුදාවට අයත් ‘ප්‍රෙඩේටර්’ වර්ගයේ නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් බිම හෙලූ බවත්, බහරේනයේ පිහිටි ඇමෙරිකන් ගුවන් ආරක්ෂක රේඩාර් පද්ධතිවලට පහර දුන් බවත් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය පවසා ඇත. මේ සම්බන්ධයෙන් ඇමෙරිකාව කිසිවක් පවසා නැත.

