ඇමෙරිකාව එක්ක තාවකාලික ගිවිසුම්වලට අත්සන් කරන්නේ නෑ

පවතින අර්බුදකාරී තත්වය අවසන් කිරීම සඳහා පමණක් ඇමෙරිකාව සමග තාවකාලික ගිවිසුමකට එළඹීමට ඉරානය සූදානම් නොමැති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි අවධාරණය කර ඇත.
ගිවිසුමක් ඇති කර ගැනීම කළ යුත්තේ ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ගෙන යන යුද්ධය යළි ආරම්භ වීම වැළැවීමට යැයි ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි පැහැදිලි කර ඇත.
ඉරාන විදේශ අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ ඉරාන රජයට අයත් පුවත්පතක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. 'අප අද ගිවිසුමකට එළඹී මාස දෙකකට පසු එය උල්ලංඝනය වී යළිත් යුද්ධය ආරම්භ වන්නේ නම්, එවැනි ගිවිසුමකින් ඇති ප්‍රයෝජනය කුමක්ද?' යැයි ඔහු ප්‍රශ්න කළේය.
'පවතින තත්වය මඟහරවා ගැනීමට පමණක් ගිවිසුම් ඇති කර ගැනීමෙන් ඵලක් වෙන්නේ නැහැ. තිරසාර එකඟතාවක් අවශ්‍ය වෙනවා.' යැයි ද ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

