ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයෙන් 16 ක් මරුට



ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ සහ බටහිර ඉවුරට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයින් 16 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

සති කිහිපයකින් එක් දිනක් තුළ සිදු වූ විශාලතම මරණ සංඛ්‍යාවක් මෙය වන අතර, ඊශ්‍රායලය ලෙබනනය සහ ඉරානයට ප්‍රහාර එල්ල කිරීම දිගටමසිදුකරගෙන යයි.

මේ අතර, මධ්‍යම ගාසා තීරයේ සැවයිඩා නගරයට පිවිසෙන දොරටුව අසලදී වාහනයක් ගැටීමෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සහ තවත් නිලධාරීන් අට දෙනෙකු මිය ගිය බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසුවේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline -ජෙරුසලම)

RECOMMEND POSTS