විදේශීය නායකයන්ට අපහාස කලොත් වැඩ වරදි



ඕමාන් රජය  විදේශීය නායකයින්ට සිදුකරන අපහාසවලට එරෙහිව දැඩි පියවර ගැනීමට කටයුතු කරන බව වාර්තා වේ.

අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ වෙනත් රටවලට විදේශීය නායකයින්ට අපහාස කිරීමට එරෙහිව කටයුතු කරන බව රාජ්‍ය අභිචෝදනා දෙපාර්තමේන්තුව එරට ජනතාවට අනතුරු අඟවා ඇත.

මෙම නීතිය උල්ලංඝනය කරන තැනැත්තන්ට වසර තුනක් දක්වා සිරදඬුවම් සහ ඕමාන් රියාල් 5,000 දක්වා දඩ මුදලක් අය කිරීමට නීතිමය පියවර ගන්නා බව රාජ්‍ය අභිචෝදනා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අන්තර්ජාලය භාවිත කිරීමේදී දැඩි සංයමයකින් කටයුතු කරන ලෙසත්, වෙනත් රටවලට, එම රටවල නායකයින්ට, ජාතික සංකේතවලට හෝ පුරවැසියන්ට අපහාස වන අයුරින් කටයුතු කිරීමෙන් වළකින ලෙසදෙපාර්තුමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - මස්කට් නුවර)

RECOMMEND POSTS