ඊජිප්තු කවියාට ජනාධිපති සමාව



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිරගත කර සිටි ප්‍රකට ඊජිප්තු විපක්ෂ දේශපාලන ක්‍රියාකාරිකයකු සහ කවියකු වන අබ්දුල් රහ්මාන් අල්-කරදාවි ට, එමීර් ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සායිද් අල් නහ්යාන් පූර්ණ ජනාධිපති සමාව දී ඇත.

එමීර් රාජ්‍යයේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කර සිටියේ අබුඩාබි ෆෙඩරල් අභියාචනාධිකරණයේ සයිබර් අපරාධ විනිශ්චය සභාව මගින් අගෝස්තු 27 වනදා ඔහුට වසර 10 ක සිරදඬුවමක් සහ ඩිරාම් 200,000 ක (ඇමෙරිකානු ඩොලර් 55,000 ක්) දඩයක් නියම කර දින කිහිපයකට පසුව මෙලෙස ජනාධිපති සමාව හිමි වූ බවය.

අල්-කරදාවි, 2024 දෙසැම්බර් මාසයේදී ලෙබනනයේදී අත්අඩංගුවට ගනු ලැබූ අතර, පසුව 2025 ජනවාරි මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පිටුවහල් කරන ලදී. මහජන ආරක්ෂාවට බාධා කිරීම සහ රාජ්‍යයේ ස්ථාවරත්වයට තර්ජනයක් වන පරිදි ක්‍රියා කිරීම යන චෝදනා යටතේ ඔහුට එරෙහිව මෙම නීතිමය පියවර ගෙන තිබුණි.


RECOMMEND POSTS