පහර දුන්නේ ඉරාන හැකරුන්



ප්‍රංශයේ සුපිරි වෙළෙඳසල් රැසක ශීතකරණ සහ අධිශීතකරණ අක්‍රිය කරමින් පසුගිය මාසයේ එල්ල වුණු සයිබර් ප්‍රහාර පිටුපස සිටින්නේ ඉරාන හැකරුන් බවත්, ඉරානයේ විප්ලවීය ආරක්ෂක බලකායේ අනුදැනුම සහ උපදෙස් මත යැයි ප්‍රංශ ආරක්ෂක අංශ චෝදනා නගයි.

සුපිරි වෙළෙදසැල් 700 ක ශීතකරණ සහ අධිශීතකරණ එල්ල වුණු මෙම සයිබර් ප්‍රහාර සම්බන්ධයෙන්, ආහාර ටොන් ගණනින් ඉවත දැමීමට ප්‍රංශ බලධාරීන්ට සිදුවුණු අතර, ප්‍රංශ රජයට එරෙහි පැවැති ජනතා විරෝධතා උත්සන්න කිරීමට ද එය හේතුවක් විය.

ජනතා විරෝධතා ආරම්භ වූයේ ඉහළ යන ජීවන වියදම හේතුවෙනි. එල්ල වුණු සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානයට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි ද ප්‍රංශ රජය අනතුරු ඇගවීම් කර ඇත.

මේ සම්බන්ධයෙන් ප්‍රංශ විදේශ අමාත්‍ය ජෝන් නොයෙල් බැරෝ, කෙහෙරාන් අගනුවර සිටින ඉරාන තානාපතිවරයා විදේශ අමාත්‍යාංශයට කැඳවා ප්‍රශ්න කළ බව ද පැවැසෙයි.


RECOMMEND POSTS