’රායි’ සුළි කුණාටුව පිලිපීනය කලඹයි



මහ වැසි සහ තද සුළං ද සමඟ 'රායි' සුළි කුණාටුව පිලිපීනයට කඩා වැදුණි. සුළි කුණාටුව ගැන අනතුරු ඇඟවීමත් සමඟ, 45,000 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීහු පියවර ගත්හ.

සුළි කුණාටුව සියර්ගෝ දූපත හරහා පිලිපීනයට ඇතුළු වූයේ ඊයේ සවස 5.30 ටය. කාලගුණ විද්‍යාඥයන්ට අනුව, මෙම වසරේ පිලිපීනයට හමා ආ 15 වැනි සුළි කුණාටුව මෙය වෙයි. එයින් ද බිහිසුණු මෙන්ම ප්‍රචණ්ඩ සුළි කුණාටුව ලෙස 'රායි' සැලකෙයි.

සුළි කුණාටුව හමා ආවේ පැයට කිලෝ මීටර් 195 ක වේගයකිනි. කෙසේ නමුත් පිලිපීනයට ඇතුළු වෙද්දී එහි වේගය යැඩි විය. කාලගුණ විද්‍යා නිලධාරින් පැවැසුවේ සුළි කුණාටුව පැයට කිලෝ මීටර් 240 ක වේලයකින් රටට ඇතුළු වූ බවය.

මහ වැසි හේතුවෙන් මේ වනවිට ප්‍රදේශ රැසකින් දරුණු ජල ගැලීම් වාර්තා වේ. ජල ගැලීම්වලට හසුවී කොටුවුණු පිරිස් බේරා ගැනීම ලහිලහියේ සිදුවන නමුත් අයහපත් කාලගුණය ඊට හරස් වී ඇතැයි වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS