’කොවිඩ්’ වසංගතය මැද නත්තල් දේව මෙහෙය



ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ප්‍රධානත්වයෙන් නත්තල නිමිත්තෙන් ශාන්ත පීටර් බැසිලිකාවේ වාර්ෂික පැවැත්වෙන දේව මෙහෙය පැවැත්වුණු අතර, 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් දේව මෙහෙය සඳහා සහභාගී කරවා ගැණුනේ 2,000 ක බැතිමතුන් පිරිසක් පමණි.

දෙවියන් වහන්සේ  ඉදිරියේ දුප්පත් පොහොසත් භේදයක් නැති බවත්, දුප්පතුන්ට පිටුපාන්නේ නම්, එය දෙවියන් වහන්සේට පිටුපෑමක් බවත් නත්තල වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ශුද්ධෝත්තම පාප්තුමන් පෙන්වා දුන්නේය.

මේ වනවිට ඉතාලියෙන් යළිත් වරක් 'කොවිඩ් 19' ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වීමට පටන්ගෙන ඇති අතර, ඔමික්‍රෝන් විකෘතිය ද ඉතාලියේ ව්‍යාප්ත වන බව පැවැසෙයි.

මේ හේතුව නිසා නිවසින් පිටතට යද්දී මුහුණු ආවරණ අනිවාර්ය කිරීමට ඉතාලි රජය යළිත් වරක් තීරණය කර ඇත. 24 වැනිදා සවස නත්තලට පෙර දා සැන්දෑවේ පාප්තුමන්ගේ ප්‍රධානත්වයෙන් දේව මෙහෙය පැවැත්වෙද්දී දෛනික 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 50,599 ක් ලෙස වාර්තා විය.

(රොයිටර්)


RECOMMEND POSTS