’කොවිඩ් 19’ සුලමුල ගැන තවත් වාර්තාවක් එළියට



'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයේ ආරම්භය සම්බන්ධයෙන් තවත් වාර්තාවක් ප්‍රසිද්ධියට පත් වී ඇත. එම වාර්තාවට අනුව, වයිරසය පිළිබඳ තොරතුරු පළමුවෙන් චීනයේ වූහාන් නුවරින් වාර්තා වී ඇත්තේ 2019 නොවැම්බර් මාසයේ නොව, ඔක්තෝබර් මාසයේය.

මෙම නව වාර්තාව එළිදක්වා ඇත්තේ බ්‍රිතාන්‍යයේ කෙන්ට් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන්ය. ඔවුන් වාර්තාව සකස් කර ඇත්තේ 2019 වසරේ ජනවාරි සිට දෙසැම්බර් තෙක් චීනයෙන් ලබා ගත් වෛද්‍ය වාර්තා අනුවය.

චීන සෞඛ්‍ය බලධාරීන්ට අනුව, 'කොවිඩ් 19' වයිරසය, එරට හුබෙයි පළාතේ වූහාන් නුවර මත්ස්‍ය වෙළෙඳපොළ කේන්ද්‍රකොට ගනිමින් ආරම්භ වූයේ 2019 නොවැම්බර් දෙවැනි සතියේය. පළමු 'කොවිඩ් 19' රෝගියා ගැන වූහාන් රෝහල්වලින් වාර්තා වූයේ නොවැම්බර් 17 වැනිදාය. චීන සෞඛ්‍ය අංශ සහ රජය එක් වී, ලෝක සෞඛ්‍ය සංවිධානයට වයිරසය ගැන කරුණු ඉදිරිපත් කළේ 2019 දෙසැම්බර් 20 වැනිදාය.

ෂැංග්හායිහිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS