’කොරෝනා’ පරදන්න තවත් එන්නතක්



'සිඩුස් කැඩිලා' ඖෂධ නිෂ්පාදන සමාගම හඳුන්වා දුන් 'ඩී.එන්.ඒ.' වර්ගයේ නව ප්‍රතිශක්තිකරණ එන්නතට අමතරව, ඉන්දියාවෙන් තවත් 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නතක් එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ.

මෙම එන්නත එම්.ආර්.එන්.ඒ. (mRNA) වර්ගයේ එන්නතක් වන අතර, මෙය නිපදවන්නේ, 'ජිනෝවා බයෝපාමසියුටිකල්ස්' ඖෂධ නිෂ්පාදන සමාගමය. ඉන්දියා තුළ නිපදවන පළමු එම්.ආර්.එන්.ඒ. එන්නත වන්නේ මෙයයි. ඊට අමතරව, 'ජිනෝවා බයෝපාමසියුටිකල්ස්' සමාගමේ මෙම එන්නත, ඉන්දියාව තුළ නිෂ්පාදය වන තෙවැනි එන්නත වෙයි.

'ජිනෝවා බයෝපාමසියුටිකල්ස්' එන්නත 'ඩෙල්ටා' ඇතුළු නව කොරේනා වයිරස විකෘති ඉලක්ක කර ගනිමින් නිපදවන ලද්දක් වන අතර, අවසන් සායනික අත්හදා බැලීම් සඳහා ඉන්දීය ඖෂධ පාලන අධිකාරියේ අවසරය හිමිවී තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS