‘මිල්ටන්’ සුළි කුණාටුව ඇමෙරිකාව කලඹයි
පැයට කිලෝ මීටර් 285 ක වේගයකින්, ‘මිල්ටන්’ නමැති ප්‍රචණ්ඩ සුළි කුණාටුව, ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදය හරහා හමා ගියේය.
සුළි කුණාටුවෙන් නිවාස සහ ගොඩනැගිලි සිය ගණනක් විනාශ විය. සුළි කුණාටුව ගැන අනතුරු ඇඟවීමෙන් පසු ලක්ෂ 5 ක පිරිසක් ආරක්ෂිත ස්ථානවලට යොමු කෙරුණු බව බැවැසෙයි.
සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන්, ගුවන් ගමන් කටයුතුවලට ද බාධා එල්ල විය.
(ඒ.එෆ්.පී.)