‘බ්‍රික්ස්’ හවුලට එක්වන්න රටවල් රැසක් කැමැත්තෙන්



‘බ්‍රික්ස්’ හවුල සමඟ එක් වීමට ලොව රටවල් 40 ක් පමණ උනන්දුවක් දක්වන බව දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර පැවැත්වෙන ‘බ්‍රික්ස්’ රාජ්‍ය නායක සමුළුව අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවැසීය.

‘බ්‍රික්ස්’ හවුල පිහිටුවා ඇත්තේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන නැගී එන ආර්ථික බලවතුන්ගේ එකමුතුවෙනි.
‘බ්‍රික්ස්’ හවුලට එක්වීමට සෙසු රටවල් දක්වන උනන්දුව අගය කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, ‘බ්‍රික්ස්’ සමුළුව අමතමින් පැහැදිලි කළේය. මේ වනවිටත් රටවල් 20 ක් ‘බ්‍රික්ස්’ හවුලට එක් වීමට ඇයැදුම් කර ඇතැයි දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා පවසා තිබේ.

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ‘බ්‍රික්ස්’ සමුළුවට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහභාගී නොවෙයි. පුටින්, දකුණු අප්‍රිකාවටපෙමිණීමට අදිමදි කළේය. ඒ, ඔහු අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කර ඇති බැවිනි. පුටින් අත්අඩංගුයට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත්තේ, රුසියන් යුක්රේන ආක්‍රමණයේ දී යුද අපරාධ සිදුවුණු බවට චෝදනා නගමිනි. රුසියන් ජනාධිපති පුටින් වෙනුවට සමුළුවට සහභාගී වන්නේ රුසියන් විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව්ය.


RECOMMEND POSTS