‘බ්‍රික්ස්’ සමුළුව ඇරැඹේ



චීනයේ ප්‍රධානත්වයෙන්, 14 වැනි ‘බ්‍රික්ස්’ සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ බෙයිජීං අගනුවරදී ඊයේ (23) ආරම්භ විය. ‘බ්‍රික්ස්’ යනු බ්‍රසීලය, ඉන්දියාව, රුසියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන ආර්ථික බලවතුන්ගේ එකමුතුවය.

‘කොවිඩ් 19’ වසංගතයෙන් පසු, රුසියන් යුක්රේන යුද්ධයෙන් එල්ල වන බලපෑම් හමුවේ, ගෝලීය අස්ථාවරත්වයක් පවතින අවස්ථාවක, සංවර්ධන ඉලක්ක කරා යෑමට නායකත්වය ලබා දීම සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පින් සෙසු රාජ්‍ය නායකයන් හමුවේ පැවැසුවේය. නව ගෝලීය සංවර්ධන ඉලක්ක කරා යෑමට චීනය අපේක්ෂා කරන බවත්චීන ජනාධිපති ෂී ජින්පින් පැවැසුවේය.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියා සිටියේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් රුසියාවට පනවා ඇති සම්බාධක හේතුවෙන් රුසියාව ‘බ්‍රික්ස්’ සාමාජික රටවල් සමග වැඩි වශයෙන් ගනුදෙනු සිදු කරන බවත්, නව ආයෝජන අවස්ථා ඇති කර ගැනීමට අපේක්ෂා කරන බවත්ය.

(රොයිටර්)


RECOMMEND POSTS