‘කොවිඩ් 19’ දැන්ම අවසන් වෙන්නේ නෑ



ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් යළිත් වරක් අවධාරණය කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙසේ අවාධාරණය කළේ නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඒ ගැන විමසූ අවස්ථාවේදීය.

මීට සතියකට පෙර, ජිනීවා නුවර, ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ දී ගෙබ්‍රියේසිස් මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ ‘කොවිඩ් 19’ වසංගතයේ අවසානයට පැමිණ ඇති බවය.

ඉන් දින කීපයක් ගතවෙද්දී ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් එරට රූපවාහිනී දේශපාලන වැඩසටහනකට එක් වෙමින් කියා සිටියේ ඇමෙරිකාවේ ‘කොවිඩ් 19’ වසංගතය අවසන් වී ඇති බවය. මෙය ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන්ගේ පමණක් නොව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද මවිතයට හේතුවක් විය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ගෙබ්‍රියේසිස් ඊයේ (22) නිව්යෝක් නුවරදී මාධ්‍යවේදීන් හමුවේ පැහැදිලි කළේ ‘කොවිඩ් 19’ වසංගතය දැන්ම අවසන් නොවනු ඇති බවත්, වසංගතය සම්බන්ධයෙන් පනවා ඇති හදිසි තත්ත්වය තව දුරටත් ක්‍රියාත්මක වනු ඇති බවත්ය.

(රොයිටර්)


RECOMMEND POSTS