‘කොවිඞ් 19’ වයිරසය ඇරැඹුණේ අගෝස්තුවේ



ලොවට වසංගතයක් වූ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ආරම්භය සිදුවූයේ පසුගිය 2019 වසරේ දෙසැම්බරයේ නොව, එම වසරේ අගෝස්තු මාසයේ යැයි චීන වයිරසදය සම්බන්ධයෙන් ඇමෙරිකාව සිදු කළ විමර්ශනයකින් අනාවරණය වී ඇත.

මෙම විමර්ශනය සිදුකර ඇත්තේ චන්ද්‍රිකා ඡායාරූප සහ සමාජ මාධ්‍ය තොරතුරු පාදක කර ගනිමිනි. ඇමෙරිකාවේ හාවඞ් විශ්ව විද්‍යාලයේ විශේෂඥයෝ රැසක් විමර්ශනයට එක් වී සිටිති.

වයිරසය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහන් නගරයෙනි.  වූහාන් රෝහල්වලට පැමිණෙන රෝගීන් සම්බන්ධ චන්ද්‍රිකා ඡායාරූප අධ්‍යයනය කරද්දී පෙනී ගොස් ඇත්තේ අගෝස්තු සිට නොවැම්බර් දක්වා කාලයේ වූහාන් රෝහල් අසාමාන්‍ය ලෙස රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බවය.

දෙසැම්බරය වෙද්දී වූහාන් සියලු රෝහල් රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති බව චන්ද්‍රිකා ඡායාරූප අනුව පැහැදිලි වෙයි. ඊට අමතරව, වයිරස උණ රෝගයක් සම්බන්ධයෙන් චීන සමාජ මාධ්‍යවලට කතාබහක් පැවැති අතර, එය ආරම්භ වී ඇත්තේ අගෝස්තු මාසයේය. ‘කැස්ස’ සහ ‘පාචනය’ එම උණ රෝගයේ රෝග ලක්ෂණ යැයි වූහාන් වැසියන් ඔවුන්ගේ සමාජ මාධ්‍ය හරහා කතාබහ කළ අයුරු විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

වයිරසයේ ආරම්භය අගෝස්තු මාසයේ දී සිදුවුණැයි ඇමෙරිකන් හාඩඞ් විශ්ව විද්‍යාලය කරන අනාවරණය චීනය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. චීන වෛද්‍ය පර්යේෂකයන් පවසන්නේ වයිරසයේ ආරම්භය සිදුවූයේ පසුගිය දෙසැම්බරයේ බවය. කෙසේ නමුත් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස රෝග ලක්ෂණ පෙන්නුම් කළ රෝගීන් කීහිප දෙනකු නොවැම්බරයේ දී වූහාන් නුවර රෝහල්වලින් හමුවී ඇති බව ද චීන සෞඛ්‍ය අංශ පවසා ඇත.

ජිනීවාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS