ෆ්ලොරීඩාව කැලැඹූ ‘ඉඩයිලා’ ජෝර්ජියාවට කඩා වදී



මහ වැසි සහ තද සුළං ද සමඟ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයට කඩා වැදුණු ‘ඉඩයිලා’ සුළි කුණාටුව මේ වනවිට ජෝර්ජියා ජනපදය හරහා හමා යෑමට පටන් ගෙන ඇතැයි වාර්තා වේ.

සුළි කුණාටුව හේතුවෙන් දහස් ගණනකට උන්හිටිතැන් අහිමි වී ඇතැයි ද පැවැසෙයි. සුළි කුණාටුව සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමත් සමඟ ලක්ෂ ගණනක් දෙනා ආරක්ෂිත ස්ථානවලට යොු කෙරුණු බව ද පැවැසෙයි.

මහ වැසි හේතුවෙන් නගර රැසක් යටවී ඇති අතර, නිවාසවල කොටුවුණු පිරිස් මුදා ගැනීම මේ වනවිට ආරම්භ වී ඇතැයි ද පැවැසෙයි. සුළි කුණාටුව හේතුවෙන් ෆ්ලොරීඩාවේ දෙදෙනකු මියගිය බව ද වාර්තා වේ.

ශාන්ත පීටර්බර්ග් නගරයේ එසේ මුදා ගත් වැසියන් ගණන 75 කි. විදුලිබල සැපැයුම්වලට බාධා එල්ල වී ඇති බැවින් දහස් ගණනක් පීඩාවට පත්වී සිටින බව ද පැවැසෙයි. සුළි කුණාටුව කඩා වැදුණේ පැයට කිලෝ මීටර් 125 ක වේගයකිනි.


RECOMMEND POSTS