හොංකොං නුවර විරෝධතා උග්‍ර අතට



පාලිකා කැරී ලෑම් ප්‍රමුඛ පාලක මණ්ඩලයට එරෙහි හොංකොං හි පැවැත්වෙන විරෝධතා මේ වනවිට උත්සන්න වී ඇති බවත්, විරෝධතාකරුවන් පොලිසියට එල්ල කළ ගඩොල් ප්‍රහාරයකට මැදි වුණු 70 හැවිරිදි මහල්ලකු ජීවිතක්ෂයට පත් ව ඇති බවත් වාර්තා වේ.

හොංකොං හි විරෝධතා පවත්වන්නේ ප්‍රජාන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින සිවිල් සංවිධානය සරසවි සිසුහු ද විරෝධතා සඳහා එක් වී සිටිති. හොංකොං පාලිකා කැරී ලෑම් චීනයට අවශ්‍ය පරිදි නීතිරීති සකස් කරනවා යැයි විරෝධතාකරුවෝ චෝදනා නගති.

විරෝධතා යළිත් වරක් උත්සන්න වීමට හේතුව වූයේ පොලිස් ප්‍රහාරවලින් විරෝධතාකරුවන් මියයෑමය. දිනෙන් දින උත්සන්න වන හොංකොං විරෝධතා සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පින් සිය කනස්සල්ල පළ කර ඇති බව ද වාර්තා වේ.

හොංකොංහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS