හුබෙයි වැසියන් පැනවූ තහංචි ලිහිල් කෙරේ



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය පාලනය වීමත් සමඟ චීනයේ හුබෙයි පළාතේ සීල් තැබූ නගරවල වැසියන්ට සහනයක් ලබා දීමට බලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, ඉදිරි දින කීපයේ දී නගරවලට පනවා ඇති තහංචි එකිනෙක ඉවත් කරන බවත්, නගර අතරේ ගමන් බිමන් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බවත් පැවැසෙයි.

‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වූයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි. මේ වනවිට හුබෙයි පළාතෙන් ආසාදිතයන් හමුවී නැති නමුත්, විදෙස්වලින් පැමිණෙන චීන වැසියන් 74 දෙනකු ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි ද පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS