හිස ආවරණ පැලඳ ගනිමින් ඉම්රාන් ඛාන් අධිකරණයට එයි



පාකිස්තාන ත්‍රස්තවාදය වැළැක්වීමේ අධිකරණය මඟින් පනවා තිබූ නඩු තුනකට පෙනී සිටීම සඳහා එරට හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අධිකරණය හමුවේ පෙනී සිටියේ සුවිශේෂී හිස් ආවරණයක් පැලඳිමින් යැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

විශේෂ ආරක්ෂාවක් යටතේ, ඉම්රාන් ඛාන් මෙසේ හිස් ආවරණයකින් සැරැසී පැමිණියේ ඔහුගේ හිසට වෙඩි නොව‌ඳින අයුරිනි. පසුගිය දිනවල ස්නයිපර්කරුවන් තමන් ඝාතනය කිරීමට සැරැසෙනවා යැයි ඉම්රාන් දිගින් දිගටම චෝදනා නගා තිබුණි.

තම ජීවිතයට ඇති තර්ජනය සලකා අධිකරණයට පෙනී සිටීමෙන් නිදහස් කරන ලෙස ඉම්රාන් ඛාන් අධිකරණයෙන් ඉල්ලා සිටියත් අධිකරණය එය ප්‍රතික්ෂේප කළේ යැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබුණි. ඒ අනුව, හිස ආවරණය කර ගනිමින් ඉම්රාන් මෙසේ අධිකරණයේ පෙනී සිටියේය.

(රොයිටර්)


RECOMMEND POSTS