හිමාචල් අතුරු මැතිවරණයෙන් කොංග්‍රසයට ජය



ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක පැවැති අතුරු මැතිවරණ ප්‍රතිඵල නිකුත් කෙරුණු අතර, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ පාලක භාරතීය ජනතා පක්ෂය පරාජය කරමින්, හිමාචල් ප්‍රාන්තය ජයග්‍රහණය කිරිමට ඉන්දීය ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂය සමත් විය.

හිමාචල් ප්‍රනේතය ඡන්ද කොට්ඨාශ තුනකින් සමන්විත අතර, ඒවා භාරතීය ජනතා පක්ෂය සතුව පැවැතිණි. කොංග්‍රස් පක්ෂයට එම ඡන්ද කොට්ඨාශ තුන දිනා ගැනීමට හැකිවීම සුවිශේෂී ජයග්‍රහණයක් යැයි කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි ට්විටර් පණිවුඩයක් මගින් පෙන්වා දී ඇත. ඊට අමතරව, කර්ණාටක ප්‍රාන්තයේ භාරතීය ජනතා පක්ෂය සතුව පැවැති එක් ඡන්ද කොට්ඨාශයක් ද ජයග්‍රහණය කිරීමට කොංග්‍රස් පක්ෂය සමත් විය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS