හින්දුවරුන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා



බංග්ලාදේශයේ හින්දු භක්තිකයන් සහ ආරක්ෂක අංශ අතර ඇතිවූ ගැටුමකින් අවම වශයෙන් එක් අයෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මියගොස් ඇත්තේ මුස්ලිම් ජාතික නීතිඥවරයකු බවත් චිතගොන්ග් අධිකරණය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයකදී මෙම මරණය සිදුව ඇති බවත් බංගලාදේශ ආරක්ෂක අංශ පැවැසුවේය.

හින්දු නායකයකු වන චින්මෝයි ක්‍රිෂ්ණා දාස් දේශද්‍රෝහී චෝදනාව ඇතුළුව තවත් චෝදනා කීපයකට ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත් අඩංගුවට ගැනීමත් සමග එයට විරෝධයපාමින් හින්දු ජාතිකයෝ විරෝධතා ආරම්භ කළහ.

නීතිඥවරයාගේ මරණය සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කරමින් බංග්ලාදේශ අන්තර්වාර රජය ප්‍රකාශ කර සිටියේ ඒ සම්බන්ධව පුළුල් විමර්ශනයක් පවත්වන බවත් විරෝධතා පවතින ප්‍රදේශවල ආරක්ෂාව තර කිරීමට පියවර ගන්නා බවත්ය.


RECOMMEND POSTS