හැරී මෙගාන් කැනඩාවේ ජීවිතය අරඹයි
රජ පවුලෙන් ඉවත් වීමෙන් පසු හැරී කුමරු, බිරිඳ මෙගාන් සහ පුතු ආර්චී කැනඩාවේ ඔවුන්ගේ නව දිවිය ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
තම පෞද්ගලිකත්වයට බාධා කිරීමෙන් වළකින්නැයි හැරී සහ මෙගාන් යුවල පැපොරාසි ඡායාරූප ශිල්පීන්ටත්, කැනඩා මාධ්‍යවේදීන්ටත් පවසා ඇත.
තම පෞද්ගලිකත්වයට බාධා කරන්නේ නම් නීතිමය වශයෙන් පියවර ගැනීඹට පවා පසුබට නොවන බව ද හැරී සහ මෙගාන් යුවල පවසා ඇත.
(රොයිටර්)