හවානා නුවර හෝටලයක ප්‍රබල පිපිරීමක්



කියුබාවේ හවානා අගනුවර තරු පහේ සුඛෝපබෝගී හෝටලයක ප්‍රබල පිපිරීමක් සිදුවිය.

පිපිරුමත් සමඟ හෝටලයේ මහල් හතරක් බිමට සමතලා වූ බව ද පැවැසෙයි. පිපිරුමෙන් මියගිය ගණන 18 ක් බවත්, තුවාල ලබා රෝහල්ගත කළ ගණන 50 ක් බවත් කියුබා සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

පිපිරුමට හේතුව ගෑස් කාන්දුවක් බව මේ වනවිට අනාවරණය වී තිබේ. හෝටලයේ සුන්බුන් අතරේ සිරවුණු පිරිස් මුදා ගැනීම අද දිනයේ ද (8) ද සිදුවිය. මියගිය 18 දෙනා අතර කුඩා දරුවන් කීප දෙනකු සහ ගැබිනියක සිටින බව ද වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS