සෝමාලියාවේ නව ජනපතිට ’කොවිඩ්’



අප්‍රිකා රාජ්‍යයක් වන සෝමාලියාවේ නව ජනාධිපති හසාන් ෂෙයික් මහමුද් ට ‘කොවිඩ් 19’ ආසාදනය වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

තමන් ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු වී ඇති බැවින් හුදෙකලා වී නිරෝධායනයේ පසුවන බවත්, තමන්ගෙන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවත්, නිවසේ සිට රාජකාරි කරන බවත් සෝමාලි ජනාධිපතිවරයා ජාතිය අමතමින් පවසා තිබේ.

පසුගිය දිනවල ජනාධිපති ෂෙයික් මහමුද් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සංචාරයක යෙදුණි. ඔහු යළි සෝමාලියාවට පැමිණීමෙන් පසු ෂෙයික් මහමුද් ‘කොවිඩ් 19’ පරීක්ෂණයකට යොමු කෙරුණු අතර එහිදී ඔහු ආසාදිතයකු බව තහවුරු විය.

(ඒ.එෆ්.පී.)‍


RECOMMEND POSTS