සෝමාලි රජයට වඩා ත්රස්තයන්ට මුදල්
සෝමාලි රජයට වඩා, එරට ප්රචණ්ඩ ක්‍රියා සිදුකරන අල් ෂෙබාබ් ත්රස්තවාදීන්ට මුදල් ඇති බවත්, ඔවුන්ට දිගටම මුදල් ආධාර ලැබෙමින් පවතින බවත් ඇමෙරිකාව පවසයි.
ඇමෙරිකාව මෙසේ පවසන්නේ බුද්ධි අංශ වාර්තා අනුවය. අල් ෂෙබාබ් යනු අල් කයිඩා හිතවාදී ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයක් වන අතර ඔවුන් මසකට උපයන මුදල් ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් මිලියන 15 ක් බව පැවැසෙයි.
මෙම ත්රස්තවාදීන් තෙල්, ආයුධ ඇතුළු වෙනත් ව්‍යාපාර කටයුතුවලට සහ මිනිස් ජාවාරම්වලට සම්බන්ධ බවත්, ඇතැම් ජාත්‍යන්තර සංවිධාන සෘජුව හෝ වක්‍රව ත්‍රස්ත සංවිධානයට මුදල් ලබා දෙන බව ද මේ වනවිට අනාවරණය වී ඇත.
මොගඩිෂුහිදීය (රොයිටර්)