සෙලෙන්ස්කී ’ඩාවෝස්’ සමුළුව අමතයි



යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, ලොව ප්‍රධාන ආර්ථික බලවතුන්ගේ සහභාගීත්වයෙන් ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවැත්වෙන ජගත් ආර්ථික සමුළුව ඇමැතුවේය.

රුසියන් හමුදා ආක්‍රමණය හමුවේ යුක්රේනය මුහුණ දෙන ආර්ථික අභියෝග, ජනාධිපති සෙලෙන්ස්කී සමුළුවට පැහැදිලි කළේය. ජනාධිපතිවරයා සමුඵව ඇමැතුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමිනි.

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කළ හැක්කේ සාකච්ඡා මාර්ගයෙන් පමණක් බවත්, තමන් සාකච්ඡා පැවැත්වීමට සූදානමින් සිටින්නේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ පමණක් බවත්, රුසියන් නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් පලක් නොවන බවත් සෙලෙන්ස්කී සමුළුව අමතමින් පැහැදිලි කළේය.

(රොයිටර්)
 


RECOMMEND POSTS