සූදානම නිරීක්ෂණය කරයි



ඉන්දීය යුද හමුදාවේ ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් ඉකුත් දා ඩිෆෙන්ස් එක්ස්පෝ 2022 ප්‍රදර්ශනයට පවත්නා සූදානම නිරීක්ෂණය කළේ ය.

ගුජරාට් ප්‍රාන්තයේ ගාන්ධිනගර් හි සංචාරයක යෙදුණු අවස්ථාවේ දී ඉන්දීය යුද්ධ හමුදාවේ ප්‍රධානියා එලෙස ඩිෆෙන්ස් එක්ස්පෝ 2022 ප්‍රදර්ශනයේ ලක ලැහැස්තිය එලෙස විමසා බැලී ය.

ඉන්දියාවේ ප්‍රධානතම ආරක්ෂක ප්‍රදර්ශනයක් වන ඩිෆෙන්ස් එක්ස්පෝ 2022 ‘ඩිෆ්එක්ස්පෝ 2022’ යනුවෙන් හැඳින්වේ.

එය මාර්තු මස 10 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්වීමට සූදානම් කර තිබූ නමුත් අවසන් මොහොතේ දී එය කල්දමා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

ආත්මා නිර්භාර් භාරත් ප්‍රයන්තයේ කොටසක් ලෙස ක්‍රියාත්මක වන ප්‍රථම ත්‍රිමාණ (3D) මුද්‍රිත ආරක්ෂිත ස්ථානයේ තාක්ෂණික අනුවර්තනය නිරීක්ෂණය කිරීමට ඉන්දීය යුද හමුදාවේ ප්‍රධානියා පියවර ගෙන තිබිණි.

ගොඩබිම්, නාවික සහ ස්වදේශීය ආරක්ෂක පද්ධති සම්බන්ධයෙන් තාක්ෂණික අනුවර්තනයට ලක් කර තිබෙන පළමු ත්‍රිමාණ සජීවී ආරක්ෂක නිවෙස්නය නිරීක්ෂණය කිරීමට ද හෙතෙම එක්විය.

‘ඩිෆෙන්ස්එක්ස්පෝ2022’ ගොඩබිම, නාවුක සහ ස්වදේශ ආරක්ෂක පද්ධති සම්බන්ධයෙන් ආසියාවේ තිබෙන විශාලතම ප්‍රදර්ශනය ලෙස සැලකේ.

මෙමඟින් ඉන්දියාවේ ආරක්ෂක හැකියාව ප්‍රදර්ශනය කෙරේ.

ලොව ප්‍රමුඛ පෙළේ ආරක්ෂක නිෂ්පාදන සමාගම් මෙම ප්‍රදර්ශනයට එක්වෙන අතර මෙම ප්‍රදර්ශන මාලාවේ 12 වැන්න මෙලෙස මේ වසෙර් දී පැවැත්වීමට නියමිතව ඇත.

(ඒ.එන්.අයි.)


RECOMMEND POSTS