සූ කීට තවත් සිරදඬුවමක්



බලයෙන් නෙරපා, මියන්මාර හමුදා අත්අඩංගුවේ පසුවන, එරට ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී ට තවත් තෙවසරක සිර දඬුවමක් නියම විය. ඒ, හමුදා අධිකරණයක් හමුවේ, රාජ්‍ය රහස් හෙළි කිරීම යන චෝදනා සම්බන්ධයෙන් වරදකාරිය වූ බැවිනි.

අවුන් සාන් සූ කී පමණක් නොව ඇගේ ආර්ථික උපදේශක ලෙස කටයුතු කළ ෂෝන් ටුරේල්ට ද සිරදඬුවම් නියම විය.ඒ, ඔහු ද රාජ්‍ය රහස් හෙළි කිරීම ටන චෝදනාවලට වරදකරු වූ බැවිනි. ෂෝන් ටුරේල් ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි විශ්ව විද්‍යාලයේ ආර්ථික උපාධිධාරියෙකි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS