සුවය ලැබූ පාප්තුමා රොහලෙන් පිටවී යයි



රෝමයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ශුද්ධෝත්තම පාප්තුමන් යළි වතිකානය බලා පැමිණියේය. පසුගිය සතියේ පාප්තුමන් රෝමයේ ගෙමෙලී රෝහලට ඇතුළත් කෙරුණේ පෙනහළු ආසාදනයක් හේතුවෙන් හුස්ම ගැනීමට අපහසු වුණු බැවිනි.

‘මා තවමත් යහතින් ඉන්නවා’ යැයි රෝහලෙන් පිටවී යද්දී මාධ්‍යවේදීන් ඇතුළු රෙර්හල ඉදිරිපිට රැස් වී සිටි කතෝලික බැතිමතුන්ට පැවැසීමට ද පාප්තුමෝ අමතක නොකළාහ.

86 හැවිරිදි පාප්තුමන් රෝහල්ගත කෙරුණේ හුස්ම ගැනීමේ අපහසුවක් හේතුවෙනි. රෝහල්ගත කෙරුණු අවස්ථාවේදී පාප්තුමන් ‘කොවිඩ් 19’ කොරෝනා පරීක්ෂණයකට ද යොමු කෙරුණු බව වතිකානය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

ගෙමෙලී රෝහලෙන් පිටවීමට පෙර, පාප්තුමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කුඩා දරුවන් හමුවට ගොස් ආශිර්වාද කළේ යැයි ද වතිකාන වාර්තා වැඩි දුරටත් පවසා තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS