සුනාක් බංග්ලාදේශ අගමැතිනිය හමුවෙලා



‘ජී20’ සමුළුවට සහභාගී වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සහ බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ශෙයික් හසීනා අතරේ සුහඳ හමුවක් පැවැත්වුණු අතර, එම හමුව පැවැත්වුණු ආකාරය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කසුකුසුවක් නිර්මාණය වී ඇත.

අග්‍රාමාත්‍ය සුනාක්, බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය සමඟ සුහඳ හමුවට එක් වූයේ, අසුන් ගෙන සිටි ඇය අසලට ගොස් දණ නවා ඇයට ළං වෙමිනි.

‘ඔහු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා බව ඇත්ත. ලෝකයේ බලවත් නායකයකු බව ඇත්ත. ඒත් ඔහු නිහතමානී පුද්ගලයෙක්’ යනුවෙන් බොහෝ දෙනා එම ඡායාරූපයට සහ වීඩියෝ දසුන් පෙළට අදහස් දක්වා තිබේ.

මහා බ්‍රිතාන්‍යය ‘ජී20’ සාමාජික රාජ්‍යයකි. බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය, නවදිල්ලියේ පැවැති ‘ජී20’ සමළුවට සහභාගී වූයේ ආරාධිතයකු ලෙසය.

ඉන්දීය සම්භවයක් ඇති සුනාක්, මෙසේ ඉන්දියාවට පැමිණියේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු පළමු වරටය.

සුනාක්ගේ බිරිඳ අක්ෂාතා මූර්ති ද සුනාක් සමඟ නවදිල්ලියට පැමිණ සිටිායය. සුනාක් සහ බිරිඳ නවදිල්ලියේ සුප්‍රසිද්ධ අක්ෂර්ධා හින්දු කෝවිලට වැද පුදා ගැනීමට ද අමතක නොකළාහ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS