සුඩානයේ ගැටුම් උත්සන්න වෙයි



සුඩාන රජයේ හමුදාව සහ අතිරේක හමුදා බලඇණි අතරේ ගැටුම් ආරම්භ වී තිබේ. ඒ, රටේ බලය අත්පත් කර ගැනීමේ අරමුණින්ය.

විදෙස් මාධ්‍ය පවසන ආකාරයට රජයේ හමුදා සමඟ ගැටෙන්නේ ‘රැපිඩ් සපෝට්’ නමැති අතිරේක හමුදා බලඇණියට සම්බන්ධ සන්නද්ධ සාමාජිකයන්ය.

මේ වනවිට සුඩානයේ කර්ටෝම් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඇත්තේ ද මෙම සන්නද්ධ සාමාජිකයන් අතරේ බව පැවැසෙයි. දෙපාර්ශ්වය අතර සිදුවුණු අවි ගැටුම්වලින් මේ වනවිට 8 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද වාර්තා වේ.

සුඩානය අප්‍රිකාවට අයත් රාජ්‍යයක් වන අතර, හමුදාව රටේ බලය අල්ලා ගෙන තිබේ. පසුගිය කාලය පුරාවට රජයේ හමුදාව සහ මෙම සන්නද්ධ කණ්ඩායම් අතරේ මත ගැටුම් පැවැතිණි.

(බීබීසී)


RECOMMEND POSTS