සීමිත දුම්රිය ප්‍රමාණයක්



සීමිත දුම්රිය ප්‍රමාණයක් යොදාගනිමින් අද (12) සිට දුම්රිය මඟී ප්‍රවාහන සේවා ආරම්භ කරන බව ඉන්දීය බලධාරීහු නිවේදනය කළහ.

සති අතකට ආසන්න කාලයක් පැවැති ‘ලොක්ඩවුන්’ සීමාවලට පසු ලොව විශාලතම දුම්රිය ජාලවලින් එකක් වන ඉන්දීය දුම්රිය සේවා නවතා දමා තිබිණි.

දුම්රිය 15ක් යොදාගනිමින් මඟී දුම්රිය ප්‍රවාහන සේවා ආරම්භ කරන බවත් දිල්ලි සිට මුම්බායි, චෙන්නායි, බෙංගලූරු, කොල්කටා ආදී විශාල නගර වෙත එම දුම්රිය ගමන් කරන බවත් ඉන්දීය බලධාරීහු කීහ.

ඉන්දියාවෙන් අද (11) පස්වරු 5.45 වනවිට වාර්තා වී තිබූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 67,714ක් විය. එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ ගණන 2,215ක් විය.

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ දැඩි ‘ලොක්ඩවුන්’ සීමා හේතුවෙන් ඉන්දියාවේ දුම්රිය, මාර්ග සහ ගුවන් ප්‍රවාහන සේවා සියල්ල නවතා දැමිණි.

ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණනින් පහෙන් එකක් වාර්තා වන්නේ ජනාකීර්ණ මුම්බායි, දිල්ලි, අහ්මෙදාබාද් සහ පූනේ යන නගරවලිනි. ඉන්දීය ආර්ථිකයේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන වන්නේ ද මෙම නගරය. 

 නවදිල්ලියේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS