සිම්බාබ්වේ පතලක 15 ක් සිරවෙති



සිම්බාබ්වේ රාජ්‍යයේ චෙගුටූ පළාතේ රත්තරන් පතලක් පිවිසුම් මාර්ගය පස්වලින් වැසී යෑමෙන් පතල් සේවකයෝ 30 දෙනෙක් සිරවූහ.

දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් සිදුවුණු අතර එයින් 15 දෙනකු මුදා ගැනීමට හැකි විය. ඉතිරි 15 දෙනා මුදා ගැනීම අසීරු කාර්යයක් බව පැවැසෙයි. පතල් සේවකයන් සිරවූයේ චෙගුටු පළාතේ‘බේ හෝස්’ රත්තරන් පතලේය.

පස් ඉවත් කරමින් සිරවුණු පිරිස මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා කාලය සමඟ සටන් කිරීමට සිදුවනු ඇතැයි ද සිම්බාබ්වේ පතල් කැණීම් පිළිබඳ අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


RECOMMEND POSTS